Statement from SJB MP Kabir Hashim

May 14, 2022 at 5:49 PM

Statement from SJB MP Kabir Hashim 

I have been notified of a news article being carried out indicating that I will be moving out from the SJB as an Independent MP to support the Government. I will take this opportunity to deny this story and clarify my stand.

The SJB put forward four conditions to the President in order to form the Government. I stand with my Party’s position on these four conditions which I believe are reasonable and resonate with the voice of the people. There are basic tenets or principles that can’t be compromised.

We understand the challenges people are going through and we are committed to help bring about a solution. As such, we will support any positive economic reforms presented by the Government. However, while doing so, we will keep fighting for #gotagohome and the reforms that the people of this country are asking for.

මම සමගි ජනබලවේගය පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස රජයට සහය දැක්වීමට යන බවට පුවතක් විවිධ මාධ්‍ය තුළ පැතිර යන බව දැන ගන්නට ලැබුණි. මෙම පුවත තරයේ ප්‍රතික්ෂේප කිරීමටත්, මගේ ස්ථාවරය පැහැදිලි කිරීමටත්, මෙය මම අවස්ථාවක් කර ගනිමි.

අන්තර්කාලීන රජයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාට කොන්දේසි හතරක් සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරන ලදී. මගේ පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද මෙම කොන්දේසි, ජනතාවගේ හඬ නියෝජනය වන, අතිශය සාධාරණ කොන්දෙසි වන බවත්, පක්ෂයේ මෙම ස්ථාවරය සමඟ මම එකඟ වන බවත්, ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. පක්ෂයේ සහ මගේ ප්‍රතිපත්ති කිසිදු ආකාරයෙන් පාවා නොදෙන බව මෙහිලා ප්‍රකාශ කල යුතුය.

අප රටේ ජනතාව මුහුණ දී ඇති අභියෝග තේරුම් ගෙන ඒවාට ස්ථිරසාර විසඳුම් ගෙන ඒම සඳහා සහය වීමට අපි නිරන්තරයෙන්ම ඇප කැපවී සිටිමු. ඒ අනූව, රජය ඉදිරිපත් කරන ඕනෑම ධනාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයකට සහාය දීමට අපි කැමැත්තෙමු. එසේ සිදුකරන අතරතුර, #gotagohome සහ මේ රටේ ජනතාව ඉල්ලුම් කරන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් නොපැකිලිව සටන් කිරීමට බැඳී සිටිමු.