CPC urges Media Ministry to take strong action against Hiru TV

April 20, 2026 at 4:42 PM

The Ceylon Petroleum Corporation (CPC) has urged the Ministry of Mass Media to take immediate action against Hiru Media Network and Asia Broadcasting Corporation (Pvt) Ltd, accusing the broadcaster of gravely misusing media freedom and spreading false information that harmed the institution and the country.

In a letter addressed to the Ministry Secretary, CPC Chairman said repeated irresponsible reporting by Hiru Media Network has damaged the CPC’s reputation, undermined public trust, and posed risks to the national economy and energy security.

The complaint centred on a news broadcast aired on April 16, which alleged Sri Lanka paid USD 286 per barrel for crude oil. CPC described the report as entirely false, noting that the channel distorted international reports, misrepresented import details, and falsely suggested CPC was responsible for such a transaction. Despite CPC issuing an official clarification, Hiru Media Network continued to broadcast the claim, citing HSBC in a distorted manner, the statement said.

The Chairman warned that such misinformation could trigger public unrest, erode confidence in a nationally significant institution, damage international credibility, and negatively affect Sri Lanka’s relations with foreign suppliers and lenders.

He requested the Ministry to launch an immediate investigation, review compliance with media standards, order a retraction and correction of the false report, and implement regulatory measures to prevent recurrence.

The CPC Chairman stressed that while freedom of expression is constitutionally protected, deliberate dissemination of false information that undermines the national economy cannot be tolerated.

The full letter addressed to the Secretary of the Ministry of Mass Media is as follows:

2026.04.20

ලේකම්
ජනමාධ්‍ය අමාත්‍යංශය
163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත,
පොල්හේන්ගොඩ, කොළඹ 05

හිරු TV / Asia Broadcasting Corporation (Pvt) Ltd. විසින් බරපතල ලෙස මාධ්‍ය නිදහස අවභාවිතා කිරීම සහ අසත්‍ය තොරතුරු බෙදාහැරීම නිසා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සහ රටට සිදු වූ අගතිය පිළිබඳව

1961 අංක 28 දරණ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනත මඟින් සුවිශේෂි ජාතික වැදගත්කමක් ඇති කර්තව්‍යයක්වන, ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයනය සඳහා වූ එකම අධිකාරිය සහ වගකීම පවරමින් පිහිට වූ වූ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් මෙම ලිපිය යොමු කරමි. හිරු TV / Asia Broadcasting Corporation (Pvt) Ltd. විසින් ඉතා බරපතළ ලෙස පුනපුනා සිදු කළ වගකීම් විරහිත මාධ්‍ය භාවිතය හේතුවෙන් අප ආයතනයේ කීර්ති නාමයට, ආයතනයට, රටේ ආර්ථිකයට සහ ජනසමාජයට සිදුවන හානිය වළක්වා ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යංශයේ හදිසි මැදිහත්වීම මෙම ලිපියෙන් අපේක්ෂා කරමි.

  1. විෂමාචාරය පිළිබඳ සාරාංශය

2026.04.16 දින හෝ ඊට ආසන්න දිනක දී හිරු TV නාළිකාවේ පුවත් විකාශයෙන් “ශ්‍රී ලංකාව බොර තෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 286 ක අධික මිලක් ගෙවලා” යන මැයෙන් චෝදනාත්මක පුවතක් පළ කරන ලදී. එම චෝදනාත්මක පුවත ඉදිරිපත් කෙරුණේ:
• ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා චේතනාන්විතව විකෘති කරමින්
• ආනයනිත නිෂ්පාදනය පිළිබඳ වැරදි තොරතුරු සහිතව
• එම ගනුදෙනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් සිදු කළැයි නොමග යවන සුළු ලෙස
ශ්‍රී ලංකාවට බොරතෙල් ආනයනය සඳහා අවසරලත් එකම ආයතනය ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව බව රටේ නීතියට සහ පොදු දැනුමට අදාළ කාරණයකි. එනයින් ඉහත කී පුවත විකාශය කිරීම මඟින් එකී ගනුදෙනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් සිදු කළ එකක් බවට සැකයකින් තොරව, සිතාමතා ම හඟවා ඇත.

  1. සාවද්‍යතාව සහ වගකීම් විරහිත භාවය

එම චෝදනාත්මක පුවත මුළුමනින්ම අසත්‍ය වේ. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කිසිදු අවස්ථාවක බොර තෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 286 කට හෝ ඊට කිසි ලෙසකින් හෝ ආසන්න මිලකට මිල දී ගෙන නැත. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මේ පිළිබඳ නිල මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබිය දීත් හිරු TV නාළිකාව “ලාංකීය ගැනුම්කරුවෙක් ඩොලර් 286 කට බොරතෙල් බැරලයක් ගත්තා! CEO කී දේ HSBC මාධ්‍ය අංශයත් තහවුරු කරයි” යන මැයෙන් තවදුරටත් අසත්‍ය ප්‍රකාශය විකාශය කරන ලදී. මෙහිදී HSBC ප්‍රධානියාගේ ප්‍රකාශය හිතාමතාම විකෘති කොට රටේ අර්බුදයක් නිර්මාණය කිරීමට කටයුතු කොට ඇත.

  1. අසත්‍ය තොරතුරු විකාශය කිරීමේ ප්‍රතිවිපාක

මෙසේ අසත්‍ය තොරතුරු විකාශය කිරීමේ ප්‍රතිවිපාක බොහෝ අංශ කෙරෙහි බරපතළ ලෙස බලපායි:
• වැරදි තොරතුරු සමාජගත වීම සහ එමඟින් මහජන කැළඹීමක් ඇති වීම
• ජාතික වශයෙන් වැදගත්කමක් ඇති ආයතනයක් පිළිබඳ මහජන විශ්වාසය පළුදුවීම
• ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පිළිබඳ මෙරට සහ ජාත්‍යන්තරයේ ඇති කීර්ති නාමයට හානි වීම
• ශ්‍රී ලංකාව විදේශීය සැපයුම්කරුවන් සහ ණය දෙන ආයතන සමඟ පවත්වන සම්බන්ධතා කෙරෙහි අගතිදායක ලෙස බලපෑම
• රටේ බලශක්ති ස්වෛරීත්වය සහ ආර්ථික ස්ථායීතාවයට අගතිදායක ලෙස බලපෑම

  1. මාධ්‍ය නිදහස අවභාවිතය

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබුණ ද , සිතාමතා සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට හෝ ජාතික ආර්ථිකයට අදාළ කරුණු වගකීම් විරහිත ලෙස විකෘති කිරීමට ඉඩ කඩක් නොමැත. හිරු TV නාළිකාවේ ක්‍රියා කලාපය මාධ්‍ය නිදහස බරපතළ ලෙස අවභාවිතා කිරීමක් බැවින් වහාම නියාමක අධික්ෂණයට ලක් කළ යුතුය.

  1. අමාත්‍යංශයේ මැදිහත්වීම පිළිබඳ ඉල්ලා සිටීම

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පහත ක්‍රියාමාර්ග වලට එළැඹෙන ලෙස ඉල්ලා සිටිමි:
1. හිරු TV නාළිකාවේ ක්‍රියා කලාපය පිළිබඳව වහාම විමර්ශනයක් ආරම්භ කිරීම
2. ජනමාධ්‍ය ප්‍රමිතීන් සහ ආචාරධර්ම පිළිබඳ විභාග කිරීම
3. අදාළ පුවත නිල වශයෙන් හකුලා ගැනීමටත්, නිවැරදි කිරීමටත් නියෝග කිරීම
4. මෙම වරද නැවත සිදුවීම වැළැක්වීම සඳහා නියාමනය කිරීම හෝ විනය ක්‍රියාමාර්ග ගැනීම
5. වගකීම් සහගත වාර්තා කරණය තහවුරු කිරීම පිණිස මාර්ගෝපදේශ නිකුත් කිරීම

විශ්වාසී,
සභාපති,
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව. (Newswire)